Events

වෙ රළේ අසිරිය 2017

සෑම වසරකම පාහේ ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ වියාපෘතිය විසින් සංවිධානය කරනු ලබන දීප වියාප්ත පාසල් චිත්‍ර තරගාවලිය මෙවරද ලෝක පරිසර දින උත්සවයට සමගාමිව පැවැත්විණි. දිවයින පුරා පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් මේ සදහා නිර්මාණ ඒවා තිබු අතර පෙර පාසල්, ප්‍රාථමික, කණිෂ්ට, ජේෂ්ඨ යන කාණ්ඩ යටතේ ජය ග්‍රාහක ජය ග්‍රහිකාවන් තොරා ගනු ලැබිණි. මෙහි ත්‍යාග ප්‍රධාන උත්සවය ගරු මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගිත්වයෙන් ජුලි මස 09 වන දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයෙදී උත්සවත්ශ්‍රියෙන් පැවැත්විණි. මෙහිදී 2016 වසරේ වෙරළේ අසිරිය චිත්‍ර තරගාවලියේ ජේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය කරගනු ලැබු චිත්‍රය පෝස්ටරයක් ලෙස එළිදැක්වීමත් එය ජයක්ග්‍රාහී සිසුවිය අතින් පාඨලී චම්පික රණවක මැතිතුමා වෙත පිළිගැන් වීමත් සිදු කෙරිණි .

Lighting-the-oil-lamp poster-launch Registration-desk Registration-desk-1 Werale-Asiriya Werale-Asiriya-1 Werale-Asiriya-2 Werale-Asiriya-3 Werale-Asiriya-4 Werale-Asiriya-5 Werale-Asiriya-6 Werale-Asiriya-7